ලංකාවට සහය දෙනවා : IMF ජනාධිපතිට දන්වයි !

ලංකාවට සහය දෙනවා : IMF ජනාධිපතිට දන්වයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුව ඇති අතර ඊයේ (24) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී එය සිදුව ඇත .

සතියක කාලයක් මෙරට රැඳී සිටින නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළ සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝව අධ්‍යයනයට ලක් කරන බව ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි .

අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමග සිදු කළ සාකච්ඡා සහ වත්මන් තත්ත්වය පිළිබඳ ඔවුහු ජනාධිපතිතුමා දැනුම්වත් කළ බවත් එහි සඳහන් ය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීමට අපේක්ෂා කරන බව නියෝජිත පිරිස කියා සිටි බවත් අදාළ නිවේදනය පවසයි .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෲවර් (Peter Breuer), මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි (Masahiro Nozaki), නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිදානු සෙට්යාවන් (Tubagus Feridhanu setyawan), ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන් මාරි ගුල්ඩේ (Anne Marie Gulde), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය සී. අමරසේකර හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, නියෝජ්‍ය මුදල් ලේකම් එම්.එස්.එස්. සමන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර මේ අවස්ථාවට එක්ව සිටි බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න