මහ බැංකු අධිපති ගෙදර යවනවාද ? අග්‍රාමාත්‍ය මතය මෙන්න !

මහ බැංකු අධිපති ගෙදර යවනවාද ? අග්‍රාමාත්‍ය මතය මෙන්න !

වත්මන් මහ බැංකු අධිපතිවරයා වෙනුවට තමන් විසින් වෙනත් අයකු එම ධුරයට පත් කරන බවට පළ වී ඇති ඕපාදුප තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

 ඊයේ (25) වෘත්තිකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්මන් ධූර කාලය ජුනි 30 වැනිදායින් අවසන් වීමට නියමිත නමුත් ඒ අනුව එම ධුරයට වෙනත් අයකුගේ නමක් යෝජනා කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

අගමැතිවරයාගේ අවධානය මුළුමනින්ම යොමු වී ඇත්තේ ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර බැසිල්වාදියකු ලෙස ප්‍රසිද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර වත්මන් මහ බැංකු අධිපති ඉවත් නොකරන ලෙස ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න