ඉන්ධන අර්බුදය තවත් ඇදෙයි - ඇමති පිළිගනියි : බස් ගාස්තු ඉහළට !

ඉන්ධන අර්බුදය තවත් ඇදෙයි - ඇමති පිළිගනියි : බස් ගාස්තු ඉහළට !

බස් ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා ඉහළ දැමීමට නියමිත බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා පැවසීය.

වාර්ෂික අනිවාර්ය බස් ගාස්තු සංශෝධනයක් ලබන ජූලි මස 1 වැනිදාට යෙදී තිබීම නිසා ඉන්ධන මිල සහ අමතර කොටස් මිල ඉහළ යෑම සහ ඩොලරයේ අගය ඉහළ යෑම ආදි රැසක් මේ වන විට ගැලපීම් කරමින් සිටින බවත් අමාත්‍යවරයාා සහ බස් සංගම් නිලධාරීන් අතර අනිද්දා (28) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් කීය.

ඉන්ධන අර්බුදය දිගටම !

මේ අතර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසා ඇත්තේ දැනට පවතින ඉන්ධන අර්බුදය තවත් වසරක් පමණ කාලයක් හෝ ඊට වැඩි කාලයක් පවතිනු ඇති බවය.

එම කාලය අතරතුර ඉඳහිට ඉන්ධන පෝලිමේ නැති වනු ඇති නමුත් යලි ඇති වනු ඇති බවත් අමාත්‍යවරයා පවසා ඇත .

දැනට මෙරටට මාසිකව ඉන්ධන ආනයනය සදහා ඩොලර් මිලියන 600 ක් පමණ ප්‍රමාණයක් වැය වූවත් එය අනිවාර්යෙන්ම මිලියන 300 දක්වා හරි අඩකින් අඩු කිරීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

එහිදී යම් යම් අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද පැවසූ ඔහු ඉන්ධන බෙදා හැරීම සඳහා ටෝකන් ක්‍රමයක් යුද හමුදාව මැදිහත් වී හෙට දිනයේ සිට ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත .

මෑතකදී මෙරටට ඉන්ධන ගෙන්වීම සදහා ණයවර ලිපියක් විවෘත කරන ලද නමුත් එය ප‍්‍රතික්‍ෂෙප වූ බවත් ඊට හේතු වූයේ රුසියානු නැවක් වීම නිසා බවත් අමාත්‍ය කාංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කර ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න