තෙල් - ගෑස්  අර්බුදයේ ඉදිරි සතිය : රටේ තත්ත්වය බරපතළයි බියකරුයි !

තෙල් - ගෑස්  අර්බුදයේ ඉදිරි සතිය : රටේ තත්ත්වය බරපතළයි බියකරුයි !

"තෙල් - ගෑස් අර්බුදයේ ඉදිරි සතිය " මැයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිනුමේ මෙරට ඉදිරිය සම්බන්ධයෙන් බරපතළ මෙන්ම බියකරු පුරෝකථනයක් සිදුකර ඇත .

අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි .

තෙල් - ගෑස් අර්බුදයේ ඉදිරි සතිය !

වරාය, විදුලිබල මණ්ඩලය, හමුදාව, බස් ඩිපෝ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට හැර තෙල් සංස්ථාවෙන් තෙල් තොග නිකුත් කිරීම ඇණහිට ඇත.

රටේ අවම දෛනික ඉන්ධන අවශ්‍යතාව ඩීසල් 6000 MT ක් හා පෙට්‍රල් 3500 MT කි.

දැනට කොළොන්නාව, මුතුරාජවෙල ඉතිරිව ඇති තෙල් තොගය ඩීසල් 10,000 MT, 92 පෙට්‍රල් 1000 MT, 95 පෙට්‍රල 4000 MT කි. තෙල් බෙදාහරින මධ්‍යස්ථාන 11 ම වසා දමා ඇති ගානය.

මේ දිනවල ලංකාවේ විදුලි ජනනයෙන් 25% ක් සිදුවන්නේ ඩීසල්/ඉන්ධන මගිනි. දැනටමත් පොදු ප්‍රවාහණ සේවා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩපන වී ඇත.

මඩකලපුව - අම්පාර ගොයම් කැපීම ඇරඹී ඇත. අස්වනු නෙලන්නට ඩීසල් නැත. වියළි කලාපයේ වගාවන්ට වතුර මෝටර සඳහා භුමිතෙල්, ඩීසල් ඇත්තේම නැති ගාන ය. හැදෙන ගෙඩිය, අලය, කරල වෙළෙඳපොලට ගෙනියන්නට ක්‍රමයක් ඇත්තේම නැති ගානය.

කෘෂිකර්ම, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ, පළාත් සභා හෙට අනිද්දා අලුතෙන් ගැසට්, නිවේදන නිකුත් කරනු ඇත.

රටට එක තැන නැවතීම වැලැක්වීමට ආණ්ඩුවට හෝ කිසිදු වැඩපිළිවෙළක් නැත. විපක්ෂය -- රටේ විකල්ප ආණ්ඩුව කියා දෙයක් නැත. සමාජ බලවේග කැඩි බෙදී වෙන්වී ඇත.

ගෑස් දැනටම නැත. ඉන්ධන තව ටික දවසකින් නැත්තටම නැතිවනු ඇත. විදුලිය කැපෙනු ඇත. ඇමතිවරු තව තව බොරු කියනු ඇත.

රැකියා ලක්ෂ 30 ක් අහිමි වනු ඇත.

පණ බේරාගන්න උත්සහ කරන්න!

රජිත් කීර්ති තෙන්නකෝන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න