ශ්‍රී ලන්කන් ගැන යහපත් තීන්දුවක් ගන්න සූදානමක් !

ශ්‍රී ලන්කන් ගැන යහපත්  තීන්දුවක් ගන්න සූදානමක් !

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑමේ අසීරුතා ඇති වී තිබීම හේතුවෙන් මැදපෙරදිග රටකට ලබාදීම සඳහා රජයේ අවදානය යොමුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන බැවින් මැදපෙරදිග වැනි තෙල් පවතින රටකට ලබාදුනහොත් එය ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබීම හේතුවෙන් ඒ ගැන වැඩි අවධානයක් රජයේ යොමුවී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .

එසේම රුපියල් කෝටි තිස් එක් දහස් පන් සියයක පමණ ණය ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකන් එයාර් ආයතනය පවත්වාගෙන යන්නේ ණය කන්දරාවක් යටතේ හෙයින් මේ ආයතනය මේ රටේ ජනතාවට තවදුරටත් බරක් නොවනු පිණිස ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේදීම අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ද ස්ථාවරය වී ඇති බවත් වාර්තා වෙයි .

ඊට අදාළව ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්පයන් හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දී ඇතැයිද වාර්තා වෙයි .

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත් ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බවත් දැනගන්නට ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න