බැසිල් ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන !

බැසිල් ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, දැනට ඔහුට හිමි ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ,සති අන්ත 'දේශය' පුවත්පත වාර්තා කරයි.

එහි සඳහන් ආකාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ තමන්ගේ තීරණය පසුගියදා පොහොට්ටුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ හෙළිදරව් කර ඇත.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරිය නොහැකි වන විධිවිධාන ඇතුළත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට තීන්දු කිරීමත් සමඟ, බැසිල් රාජපක්ෂ තමන් දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් විය.

ඊට හේතු වුනේ, ඔහු ශ්‍රී ලංකාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසියකුවීමය.

කෙසේ වුවත් අනතුරුව , සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන් සමඟ කරන ලද , දීර්ඝ සාකච්ඡාවකට පසුව බැසිල් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන, මෙරට දේශපාලනයේ දිගටම ඉන්න තීන්දු කර ඇත .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පක්ෂයේ ප්‍රධානීන් අතර ඇති අවබෝධය වන්නේ බැසිල් ගේ ඉලක්කය ඊළඟ (2024) ජනාධිපතිවරණය බවයි.

ඒ හේතුවෙන් ඔහු මේ වන විට පක්ෂයේ සංවිධාන කටයුතු නැවත අරඹා ඇති බවත් වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පසුගිය වතාවේ මෙන්ම මෙවරත් පළාත් පාලන ආයතන මැතිවරණය ජයගෙන 2024 සඳහා මුහුණදීම බැසිල්ගේ මෙවරත් උත්සාහය වී ඇති බවයි. පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු මාසයේ පැවැත්වීමේ සූදානමක් ගැනත් තොරතුරු වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න