නාමල්ගේ අලුත් ආණ්ඩු යෝජනාව : වාසුගේ කුණුබක්කියේ !

නාමල්ගේ අලුත් ආණ්ඩු යෝජනාව : වාසුගේ කුණුබක්කියේ !

ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් කළ යෝජනාවක් පක්ෂ 09 කණ්ඩායම සාකච්ඡාවටවත් නොගෙන ප්‍රතිකේෂ්ප කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හරහා අදාළ යෝජනාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් යොමුකර ඇත .

පසුව මේ බව වාසුදේව නානායක්කාර පසුගියදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ නවයේ නායකයන්ගේ සාකච්ඡාවට යොමුකර ඇත .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහිදී පක්ෂ නායකයින් සියලු දෙනා විසින් එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කළ බවය.

එහිදී ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ වත්මන් අර්බුදයට රාජපක්ෂවරුන් පොදුවේ වගකිවයුතු බවත් එසේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැන්නෙකු සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමටත් බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න