අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වෙමු : අමරවීරගේ යෝජනාවෙන් ශ්‍රීලනිපය හොල්මං වෙයි

අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වෙමු : අමරවීරගේ යෝජනාවෙන් ශ්‍රීලනිපය හොල්මං වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තුලු ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදීම පක්ෂයේ තීන්දුව නම් අප්‍රේල් 04 වනදා පෙරවරු 8.00 පෙර අමාත්‍යධුරවලින් ඉලා අස්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යෝජනා කර ඇත.

ඊයේ (03) වනදා ශ්‍රීලනිප පාර්ලීමෙන්ථු කණ්ඩායමේ පැවති විශේෂ හමුවේදී අමාත්‍යවරයා මෙම යෝජනාව සිදුකර ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ආණ්ඩුවේ අමාත්‍යධුර දරමින් සිට ඊට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට සහය දැක්වීම ආචාරධාර්මික නොවන බවය.

ආණ්ඩුවට විරුද්ධ නම් එය 04 උදේම පෙන්වමු : සාමුහිඛව ඉල්ලා අස්වෙමු

එසේම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව පරාජය කිරීමට තීන්දුවක් ගෙන තිබෙනවා නම් තවදුරටත් අමාත්‍යධුර දැරීම ජනතාව හමුවේ විහිළුවකට ලක්වීමක් බවත් එහෙයින් පක්ෂයේ විරෝධය නිශ්චිතව දැක්වීම වෙනුවෙන් 4 වනදා උදෑසන ශ්‍රීලනිප අමාත්‍යවරුන් සියළුදෙනා අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වීමේ ලියුම් සඳහා අත්සන් තැබිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එසේම මේ වන විටත් විශ්වාසභංග යෝජනාවේ ලියවිල්ලට අත්සන් තබා සිටින අමාත්‍යධුර හොබවන්නන් 4 වනදා පෙරවරුවේ ආමාත්‍යධුර වලින් ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොවුණහොත් එය පක්ෂය ජනතාව හමුවේ බරපතල හෑල්ලුවකට ලක්වීමේ අවධානමක් තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අපෝ බෑ : එන දේකට මුහුණ දෙමු !

මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ එම යෝජනාව අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු ශ්‍රීලනිප පාර්ශවයේ නියෝජිතයන් කිහිපදෙනෙකු අනුමත කර තිබෙන බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් අමරවීර අමාත්‍යවරයාගේ යෝජනාවට විරෝධය පළකර තිබෙන රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කර ඇත්තේ ශ්‍රීලනිප සාමාජික මන්ත්‍රීවරුන් අමාත්‍යධුර වල සිටීම විශ්වාසභංග යෝජනාවට ගැටළුවක් නොවන බවය.

ඒ පිළිබඳ කරුණු දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගය ජයග්‍රහණය කළොත් නව අමාත්‍ය මණ්ඩලයක් හමුවේ දිවුරුම්දීමට සුදානම් විය යුතු බවත් එසේ නොවන්න අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළොත් වඩාත් සුදුසු කටයුත්ත වන්නේ සුපුරුදු පරිදි ආණ්ඩුවේ අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම වරදක් නොවන බවය.

එසේම ඒ සම්බන්ධව එජාප පාර්ශවයක් විරෝධයක් පළකර සිටියහොත් ඊට අවස්ථානුකූලව මුහුණ දියයුතු බවත් ඒ සම්බන්ධව ජනාධිපතිවරයාවද දැනුවත් කිරීම වැදගත් බවද ඔවුන් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න