Language Switcher

V2025

පක්ෂ නායකයන් හදිසි සාකච්ඡාවක !

අද (13) පස්වරුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන කැඳවා ඇති බව වාර්තා වෙයි .

ඒ රටේ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බවත් වාර්තා වෙයි .

මේ වන විට ජනාධිපති මන්දිරය , ජනාධිපති ලේකම් කාර්‍යාලය , අරලිය ගහ මන්දිරය , අග්‍රාමාත්‍ය කාර්‍යාලය මෙන්ම රූපවාහිනී සංස්ථාවට පවා අරගලකරුවන් ඇතුළුව ඇත.

එසේම රටේ කඩාකප්පල් කාරී වාතාවරණය සමනය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කර ඇති අතර , යළි දැනුම්දෙන තුරු දිවයිනටම හදිසි නීතිය සහ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත .