අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව හමුවේ ජනාධිපතිවරයාගේ පාවාදීමේ පුරුද්ද නැවත තහවුරුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි.
සිය twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරන අතර එහි දක්වා ඇත්තේ ජනාධිපතිවරයා පළමුව ශ්‍රීලනිප කණ්ඩායම විශ්වාසභංග යෝජනාවට පක්ෂව පොළඹවා පසුව ස්ථාවරය වෙනස් කර ඇති බවය.
එසේම මෙවර ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂයද එකට පාවාදී ඇති බවටද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
සුසිල්ගේ පාර්ශවයට වර්ණනා
මේ අතර තවත් twitter සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර සිටින්නේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු නිදහස් පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයන් විශ්වාසභංග යෝජනාවට සහය දක්වා සිය ස්ථාවරය මෙන්ම සදාචාරය රැක තිබෙන බවය.
ඒ තීන්දුව ගෙන ඇත්තේ ජනතාවගේ අනාගත ගැන සිතා බවද ඔහු අවධාරණය කර ඇත.

