සමාව ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපි ලේඛන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , රංජන් රාමනායක අත්සන් තබා ඇති බව වාර්තා වෙයි .
එම සමාව ඉල්ලීමේ ලිපිය ඔහුගේ නීතිඥයන් විසින් සකස් කර ඇත.
රන්ජන් රාමනායක සමාව ලබා දෙන්නැයි පාර්ශව ගණනාවක් පසුගිය සමයේ දිගින් දිගටම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඉල්ලා සිටිනු ලැබුවත් ඒ කෙරෙහි ඔහු අවධානය යොමුකළේ නැත.
කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පාලනය අත්හැර රටින් පළායාමෙන් පසුව ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ බලය ලද සැනින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ නිදහස වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත දැනුම්දී තිබිණ .
ඒ අනුව නිසි ක්‍රමවේදය අනුව රන්ජන් රාමනායක ගේ නිදහස් වීමේ ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙන බව අධිකරණ අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කර තිබිණ .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
