ඉදිරි පැය 24 තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල , නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමගයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන් වඩාත් විමසිල්ලෙන් කටයුතු කළයුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පහළ වායු ගෝලයේ කැළඹිලි සහගත තත්ත්වයක් හේතුවෙන් බස්නාහිර , දකුණු , සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි හැකි බව කාලගුණ අනාවැකි සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
