ජනාධිපති බලය පෙන්වයි : සජිත් අක්‍රීයයි !

ජනාධිපති බලය පෙන්වයි : සජිත් අක්‍රීයයි !

ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද 115 කින් සම්මත වූ අතර එය වික්‍රමසිංහ පාලනයේ ස්ථාවරභාවය තහවුරු කිරීමක් බව දේශපාලන විචාරකයන් පවසයි .

අද (02) පැවති ජන්ද විමසීම අවස්ථාවේ අයවැයට පක්ෂව ඡන්ද 120 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද ලැබිණි.

මන්ත්‍රීවරු 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

සමගි ජන බලවේගය සහ පොහොට්ටු පක්ෂයේ ඩලස් කණ්ඩායම සහ ආණ්ඩුවෙන් විමල් වීරවංශ ඇතුළු ස්වාධීන මන්ත්‍රී එකමුතුව ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ජාතික ජන බලවෙිගය සහ දෙමළ සංවිධානය අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ සමගි ජනබලවේගය පක්ෂය අතුරු අයවැය සඳහා ජන්දය දීමෙන් වැළකී සිටියේ දේශපාලන උපක්‍රමයක් ලෙස බවයි .

විචාරක මතය අනුව යම් ආකාරයකට අතුරු අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට එම පක්ෂය තීන්දු කළේ නම් අනිවාර්යයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අයවැය ට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමේ සූදානමක් තිබී ඇත.

එවැන්නක් සිදුවූයේ නම් සජබ අභ්‍යන්තරයේ ඇති බෙදීම නිරාවරණය වන බැවින් පක්ෂ නායකත්වය මේ තීන්දුව ගෙන ඇත.

මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයේ බෙදීමක් සිදුවනු ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති බැවින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධ ජනහමු වලදී තම පක්ෂය බෙදීමේ කුමන්ත්‍රණයක් ගැන කියමින් යන බවත් විචාරකයන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න