තලතා : එජාප ඉතිහාසය වෙනස් කිරීමේ සුදානමක් !

තලතා : එජාප ඉතිහාසය වෙනස් කිරීමේ සුදානමක් !

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර එකී පුරප්පාඩුව සඳහා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ අවධානය යොමුව ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

තලතා අතුකෝරල මහත්මිය එසේ සභාපති ධුරයට පත්වුවහොත් ඇය එජාපයේ පළමු සභාපතිනිය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නිලධාරී මණ්ඩලය නිල කාලය අප්‍රේල් මාසයේ 30 දා අවසන් වීමට නියමිත අතර නව නිලධාරී මණ්ඩලය හා එජාප පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අදාළ අවසන් තීරණවලට හෙට (08දා) සවස් වන විට එළැඹීමට හැකි වනු ඇතැයි ඉහත ආරංචිමාර්ග පවසයි.

පූර්ණ ප්‍රතිසංවිධානයක්:

පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කරන බවට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ප්‍රතිඥාවක් මත ප්‍රතිසංවිධානයට අදාළ කමිටු ත්‍රිත්වයේ නිර්දේශ හා යෝජනා පිළිබඳව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අද දිනයේද දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

එම තීරණවලට අනුව පක්ෂයේ සියලු නිලතල සඳහා සුදුස්සන් පත්කිරීම හා ව්‍යස්ථා සංශෝධන මේ මස අවසානයට පෙර සිදු කෙරෙනු ඇතැයි ඒ සඳහා පක්ෂයේ විශේෂ මහා සම්මේලන වාරයක් කැඳවීමට සිදුවන බවත් වාර්තාවේ.

එජාපයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීම සඳහා සියලුම තනතුරුවලට නාම යෝජනා කැඳවා ඡන්ද විමසීමකින් නිලධාරීන් පත් කළ යුතු බවත් 2020 මැතිවරණයකට ඉදිරිපත් කරන නායකයා නම් කළයුතු බවත් පක්ෂ ව්‍යවස්ථාවේ පසුගිය කාලසීමාවේ සිදු කළ සංශෝධන අහෝසි කර 1977දී ක්‍රියාත්මක වූ එජාප ව්‍යවස්ථාව යළි බලගැන්විය යුතු බවත් එජාප මන්ත්‍රිවරුන් බහුතරයක් පසුගිය දිනවල පැවැති සාකච්ඡාවලදී අවධාරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න