DIGට සුදුසුකම් නැතැයි පැමිණිල්ලක් !

DIGට සුදුසුකම් නැතැයි පැමිණිල්ලක් !

වත්මන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිසියට බැඳී ඇත්තේ තනතුරට අදාළ සුදුසුකම් රහිතව බව සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස් විසින් පොලිස් කොමිසමට ලිඛිතව පැමිණිලි කර වසර එකහමාරක් ගෙවී ඇතත් කොමිසම ඒ ගැන විභාගයක් පවත්වා නැතැයි දැනගන්නට ඇත.

සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්නද අල්විස් පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත යවන ලද පැමිණිල්ලේ සඳහන් පරිදි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයන් තුනම සමත් වී නැති අතර ඔහු ලබාගෙන ඇතැයි කියන විදේශීය උපාධියද සැක සහිත බව එම පැමිණිල්ලේ දැක්වේ.

පොලිස් කොමිසමේ සභාපති පී.එච්. මනතුංගගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ එවැනි පැමිණිල්ලක් තමන්ට ලැබී නැති බවයි.

එනිසා අදාළ පැමිණිල්ල අංක 14 කෙලන්කඩුව පෙදෙස වැල්ලවත්ත යන තමන්ගේ පෞද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්නේ නම් ඒ ගැන විමර්ශනයක් පැවැත්විය හැකි බවයි.

කොමිසමේ සභාපතිවරයා තමන් එවැනි පැමිණිල්ලක් නොලද බව පැවසුවද පොලිස් කොමිසමෙන් සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්නද අල්විස් වෙත ලිපියක් යවා ඇති අතර එහි කැඳවීම් අංකය WPC/ED/GO/NGO/06/143/16 ලෙස සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් විමසූ විට පැවසුවේ තමන් පොලිසියට බැඳී වසර 18 ක් බවත් අවශ්‍ය සුදුසුකම් සහිතව පොලිසියට බැඳී ඇති බවත්ය.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න