විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි උපරිම වසර 05ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි .
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට 2022 ජුනි මස 13 දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබිණ . ඒ අනුව මේ තීරණය ගෙන තිබෙන්නේ එම කමිටුව ලබාදුන් නිර්දේශ අනුවය..
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සඳහා වන යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
