ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ඉන්දියාවේ ගෞතම් අදානි සිය වත්කම් තවදුරටත් ඉහළ නංවාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තවත් පියවරක් ඉදිරියට තබමින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 273.5 ක වත්කමක් සහිත, ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් පමණි.
මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ, ඇමසන් හිමිකරු ජෙෆ් බොසෙස් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 151.9 ක් වේ.
අදානි සමූහයේ හිමිකරු වන ගෞතම් අදානි සතු සමස්ත වත්කම් ප්‍රමාණය 155.7 ක් ලෙසයි සටහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
