අපි Neville Uditha Weerasinghe ගේ ප්‍රකාශයකින් පටන් ගමු.
"දීපචෙල්වම් ගේ පොත් දෙකක් රේගුව විසින් රඳවා තබා ගැනීමට එරෙහිව රෝහිත භාෂණලා කාලෙකට පස්සේ 'ප්‍රකාශනයේ නිදහස' ගැන කතා කරන්න පටන් ගෙන තිබේ".
මෙම සිදුවීම දෙස බලන 'හිරු' කණ්ඩායමේ පැරණි හිටපු සංවේදී ක්‍රියාකාරිකයකු වන නෙවිල්, වසර විස්සකට පෙර මහින්ද රාජපක්ෂ පාලන සමයේ ‘සුළඟ එනු පිණිස’ සහ ‘අක්ෂරය’ චිත්‍රපට වාරණයට ලක්වූ අවධියේ භාෂණලා හැසිරුණු ආකාරය සිහිපත් කරන්නේ දැඩි ආවේගයකිනි. ඔහු පවසන්නේ එදා වාරණයට එරෙහි සටන භාෂණලා විසින් යටිකූට්ටු කුමන්ත්‍රණ හරහා කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවයි.
නෙවිල් උදිත වීරසිංහ
පැරණි දේශපාලන කෝන්තරයක් පියවීම
නෙවිල්ගේ මෙම ප්‍රකාශනය හුදෙක් පැරණි දේශපාලන කෝන්තරයක් පියවීමක් පමණක් නොවේ. මෙතැන පවතින්නේ "සංකේත පියා" බිඳවැටීම සහ ඉන්පසු පුද්ගලයකු මුහුණ දෙන මානසික විෂාදය පිළිබඳ කදිම ප්‍රායෝගික නිදර්ශනයකි.
සංකේත පියාව ඝාතනය කිරීමට (Oedipal Father-Murder) දරන උත්සාහය
ලැකාන් ගේ මනෝවිශ්ලේෂණයට අනුව "සංකේත පියා" යනු ජීව විද්‍යාත්මක පියකු නොවේ. එය පුද්ගලයකු මෙහෙයවන ප්‍රධාන සමාජ හෝ දේශපාලන අධිකාරියයි. යම් දැඩි මතවාදීමය දේශපාලන කණ්ඩායමක් තුළ සිටින ප්‍රධාන නායකයා (මෙහිදී රෝහිත භාෂණ) එහි සාමාජිකයන්ට "සංකේත පියෙකු" බවට පත්වේ.
රෝහිත භාෂණ
වසර විස්සකට පෙර "හිරු" කණ්ඩායමේ වැඩ කරන විට නෙවිල්ට භාෂණ යනු තමාගේ දෘෂ්ටිවාදීමය මඟ පෙන්වන්නා වූ "පරමාදර්ශී අනෙකා" [Ideal I(A)] ය. නෙවිල් වර්තමානයේ භාෂණ ගේ අතීත හැසිරීම් විවේචනය කරන්නේ එදා තමා හිස් මුදුනින් පිළිගත් ඒ සංකේත පියාව ඝාතනය කිරීමට (Oedipal Father-Murder) දරන උත්සාහයක් වශයෙනි. තමන් දෘෂ්ටිවාදීමය වශයෙන් හැදී වැඩුණු 'පියාගේ' අධිකාරිය බිඳ දැමීමෙන් තොරව තමන්ට ස්වෛරී අනන්‍යතාවක් ගොඩනඟා ගත නොහැකි බව අවිඥානය නෙවිල්ට දිගින් දිගටම බලකරමින් සිටී.
නෙවිල්, දේශපාලන විෂාදයකට ලක්වීම
චිත්‍රපට වාරණයේ දී භාෂණලාගේ දේශපාලන උපක්‍රම දැකීමෙන් නෙවිල් තුළ සිටි ඒ පරමාදර්ශී පියා බිඳ වැටේ. රෙයෙස් පවසන පරිදි, මෙතැනදී පරමාදර්ශය [Ideal I(A)] අතුරුදන් වනවා පමණක් නොව, සමීකරණයේ කේන්ද්‍රීය අංගය වන 'අනෙකා' (A - Big Other) ද අහිමි වී යයි. තමන් එතෙක් දිවුරා පිළිගත් දේශපාලන පදනම ව්‍යාජ එකක් බව වටහා ගන්නා විට, නෙවිල් තුළ "ආශාවන් සිඳීයාමක්" සිදු වේ. ඔහු පත්වන්නේ දේශපාලන විෂාදයකටය. නොවැම්බර් ව්‍යාපරය යනු විශාදායකට ලැබෙන මානසික විනෝදය යි. පුදුමයකට මෙන්, මෙවැනි කම්පනයකින් පසුවද නෙවිල් වසර 20ක් තිස්සේම "මට දැන් මේවා ලියන්න කම්මැළියි" යනුවෙන් පවසමින්, එම පැරණි දේශපාලන බිඳවැටීමේ කම්පනය නැමැති තුවාලය සිත තුළ ම තබාගෙන සිටී. ඔහු වර්තමාන සිදුවීමක් දුටු සැණින් නැවතත් වසර 20ක් පැරණි අතීත කාංසාමය තුවාලය වෙතට පසු බසින්නේ එබැවිනි. නිදන්ගත විෂාදයක දී සිදු වන්නේ පුද්ගලයා තවමත් තමන්ව අවතක්සේරු කරගනිමින්, ඒ අහිමි වූ අනෙකාගේ පරමාදර්ශය තුළම අවිඥානිකව රැඳී සිටීමයි.
සියල්ල දන්නා නෙවිල් ගේ ආත්මය
නෙවිල් පවසන්නේ "ගාමිණී අයියලාට මේවා ගැන අවබෝධයක් නැති "බවත්, "අවශ්‍ය වුවහොත් පසුව ලියන" බවත් ය. මනෝවිශ්ලේෂණයට අනුව මෙතැනදී නෙවිල් පෙනී සිටින්නේ "සියල්ල දන්නා ආත්මය" ලෙසයි. සංකේත පියාගේ (භාෂණගේ) රහස් තමා සතුව ඇති බවත්, තමාට අවශ්‍ය ඕනෑම වෙලාවක එය හෙළිදරව් කළ හැකි බවත් ඇඟවීමෙන්, නෙවිල් තමා සංකේතීයව එම පියාට වඩා ඉහළින් තබා ගැනීමට උත්සාහ කරයි. ඒ රහස වහාම ලියා නිම නොකර, එය සඟවාගෙන සිටීමෙන් ඔහු අවිඥානිකව යම් වේදනාත්මක ආත්මීය තෘප්තියක් එම පැරණි තුවාලය හාරමින් (Jouissance) අත්විඳිමින් සිටී. යථාර්ථය තුළ සැබෑ සිදුරක් හෝ හිස්තැනක් ඇති කිරීමට නම් සංකේතීය වස්තුවක් හඳුන්වා දිය යුතුය. නෙවිල් තමන් මෙතෙක් රැකගත්, තමන්ව පාලනය කළ සියලු දෘෂ්ටිවාදීමය සීමාවන් බිඳ දමමින්, තමන් යනු හුදෙක් 'අඩුවක්' පමණක් බව වටහා ගන්නා මොහොත උදාවිය යුතු ය.
අතීත "සංකේත පියා" පිළිබඳ නොවිසඳුණු මානසික ගැටලුව
ඔහුට කිසිවක් නැත; තැනින් නැවත ගොඩනැගිය හැක්කේ එවිට ය. ඒ වෙනත් අයකු ගේ හෝ පැරණි කණ්ඩායමේ ඇගයීමකින් නොව, පරම නිදහස සහ අසරණභාවය තුළින් උපදින අලුත්ම ස්වයං නිර්මාණයක් ලෙසිනි. මනස මෙහෙයවූ "අනෙකාව මුළුමනින්ම අතුගා දැමීම" තුළින් නෙවිල්ට රැඩිකල් නිදහසක් හිමිවේ. ලැකාන්ගේ 24 වන දේශන මාලාවේ පවසන පරිදි, ජීවිතය සහ දේශපාලනය දෙස වඩා යහපත් හැඟීමකින් බැලීමට ඇති එකම ප්‍රායෝගික නැඹුරුව වන්නේ මෙලෙස අතීත දේශපාලන පියවරුන්ගේ පරමාදර්ශවලින් මුළුමනින්ම නිදහස් වී, තමන්ගේම ස්වයං-නිර්ණය මත පදනම් වූ පුද්ගලයෙකු බවට පත්වීමයි. නෙවිල්ට ඇත්තේ වර්තමාන ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ප්‍රශ්නයකට වඩා, තමාගේ අතීත "සංකේත පියා" පිළිබඳ නොවිසඳුණු මානසික ගැටලුවකි.

Mandis Murrukkuwadura
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
