මේ තියෙන්නෙ දිත්ව එන්න ඉස්සෙල්ල ගිය අවුරුද්දෙ නොවැම්බර් 25 [අනුරගෙ උපන් දිනයට පසු දින] ලන්ඩනයේ දි මම ටිලිවින්ව හමුවෙන්න ඉස්සෙල්ල දවසෙ එයත් එක්ක කතා කරන්න පොයින්ට් ෆෝම් එකෙන් ලියල, පසු දිනසාක්කුවේ දාගෙන ගිය නෝට් එක.
ආණ්ඩුකාරයින් ගේ දුක් ගැනවිලි
ඒකෙ තියෙනව ආණ්ඩුකාරයින්ට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න. ඔය රතු පාටින් යටින් ඉරක් ගහල තියෙන්නෙ. “කොච්චර දක්‍ෂ අයව දැම්මත් ඒ අයට වැඩ කරන්න දෙන්නෙ නැහැ පැලවත්තෙන් පත්කරපු පක්‍ෂ කාඩර්වරුන්ව තමා දාගෙන ඉන්නෙ ලේකම්ල විදියට” කියල මම කීව. ටිල්වින් ඇහැව්ව "කවුද? කවුද? ඕව කිව්වෙ" කියල. මම කිව්ව "ඒව වැඩක් නැහැනෙ, කතාව ඇත්තනෙ, මට ආණ්ඩුකාර අය තුන් දෙනෙක්ම කිව්ව" කියල. මම කිව්වෙ ඒක හිතන්න කියල. ඒ තමා මම දන්න ආණ්ඩුකාර අය ගෙ දුක්ගැනවිලි. නෝට් එකේ අනිත් ඒව ගත්තොත්; එදා තිබ්බෙ අල, ලූනු ප්‍රශ්නය, ඒකට විශේෂඥ අය එක්ක කතා කරල විසඳුම යැව්ව, අනුර ඒක කළා, නමුත් ජවිපෙ එකෙකුට ඒ මීටිං කැඳවන්න දීල ගම කාල තිබ්බත් අනුර ඒක ශේප් කරගත්ත. ඒත් එක්කම දිත්ව ආව. විරුද්ධවාදියො එක්ක තමා කතා කරල ප්‍රශ්න විසඳගන්න ඕන, ඒක අනුරට තිබ්බට අනිත් ගොඩක් අයට නැහැ. මම ඒ ගැන ටිල්වින්ටත් කීවා අපි ඒ ගැන කතා කළා.
පොත්වලට ආදරය කරන්නෙ කවුද...?
මගේ පොත් ටික පැලවත්තට දෙන එක ගැන දීර්ඝ වශයෙන් කතා කළා. ඒකටත් හරිහමන් උත්තරයක් දුන්නෙ නැහැ. මම කිව්වෙ, පොත් දෙතුන් දාහක් මම ම දෙනකොට ඒව ඉන්ඩේක්ස් කරල හැමෝට ම පරිශීලනය කරන්න පුළුවන් පුස්තකාලය හදන එක ගැන. මම ඊයෙ පෙරේදත් ටිල්වින් ගෙ ඉන්ටර්විව් එකක් අහගෙන හිටිය, පුස්තකාලය හැදීම ගැන, නමුත් මම උත්තරයක් ලියන්න ගියේ නැහැ ඒකට, මම දන්නව ඒ අයට පොත් රැක බලාගැනීම ගැන එහෙම ලොකු වුවමනාවක් නැහැ කියල. (ඒ ගැන මම වෙනම විස්තරයක් පසු දවසක කියන්නම්) බිමල් තමා පොත්වලට ආදරේ ලොක්ක එතන ඉන්න. අපි ගොඩක් දේ කතා කළා. එතන සාක්කියට ජවිපෙ "යුරෝප් කොමිසාර්" දර්ශණත් හිටියනෙ. (එයා කිව්ව සහෝදරවරු දෙන්න කතා කර කර ඉන්න මම එළියට යන්නම් කියල. මම කිව්ව උඹත් හිටං, මේව දැන ගන්න ඕන උඹත් කියල. වෙන කවුරුවත් එතන හිටියෙ නැහැනෙ.) ටිල්වින් හමු වීමට පෙර දින මම මහන්සි වෙලා හදපු මම මහ රාත්‍රියේ ලියා ගත්ත නෝට් එක ගැන මට ඔය ඔක්කොම කියන්න ඕන නැහැ. මම පසු දවසක කියන්නම් එක ගැන.
එළිපිට විවේචනය කරන හේතුව
ටිල්වින් ලංකාවට ගොඩ බැස්ස ගමන් දිත්ව ආව. දැනට මතක තියා ගන්න ගිය අවුරුද්දෙ නොවැම්බරයෙත් මම මේව ටිල්වින්ට ම කියා ඇත කියල. මට ඕන කවුරු පාලන බලයෙ හිටියත් ඉස්සෙල හැකි මට්ටමෙන් පුද්ගලිකව පෙන්නල දෙන එක, බැරි උනොත් එළිපිට මහජනයට දැන ගැනීමට කියන එක. පොඩි විවේචනයක් දාපු ගමන් දඩ බල්ලො ලෙහල, බොරු මඩ ගහල විවේචන නවත්තන හදන්න එපා.
නමුත් තව දෙයක් කියන්න ඕන.
මගේ ඔය සාක්කුවේ ලියාගෙන කොලේ "සුනන්ද අයියා" කියල එකක් තියෙනව නේද? මම ටිල්වින් හමුවෙන්න යන්න ඉස්සෙල්ල දවසෙ මහ රාත්‍රියේ සුනන්ද දේශප්‍රියට කතා කළා. සුනන්ද මට කිව්ව; විවේචනවලට ඇහුන්කන් දීමේ ගුණය තාම නැහැ උවිඳු මේ අයට කියලා. ඒ ගොල්ල 1965 ඒ ගොල්ල හදපු ජවිපෙ වගේම විවේචකයො මර්දනය කරන වැඩේ තියෙන්නෙ, විවේචකයින්ට ඇහුන්කන් දෙන්න කියල එයාට (ටිල්වින්ට) කියන්න කියල. ටිල්වින් අර මගේ සාක්කුවෙ දාගෙන දිග ඇරපු කොලේ එකෙන් එක යන ගමන් "සුනන්ද අයියා" කියන කෑල්ල දැකපු ගමන් මගෙන් ඇහැව්ව; "මොනවද? මොනවද? සුනන්ද කිව්වෙ" කියල. සුනන්ද දේශප්‍රිය කියන්නෙ මගේ "සුප්‍රසිද්ධ තරහකාරයෙක්" නෙ. මම කිව්ව "විවේචකයින්ට ඇහුන්කම් දෙන්න කියන්න කියල තමා ඒ අය කිව්වෙ" කියල.
ඇත්තටම "සුනන්ද අයියා" කියල මම මගේ නෝට් එකේ ලියාගත්තට, එතන ලයනල් බෝපගේ ගෙ, උයන් ගෙ සිට හැමෝ ගේ ම අදහස් මම කිව්වෙ. ඒ අයව නූතන ජවිපෙ හමුවෙලත් නැහැ, ඒ ඔක්කොම අඩු වැඩි වශයෙන් ඒ අය බලයට පත් වුණාට කැමති අය. මම ඒක හොඳටම දන්නව. මූණට මූණ හමුවෙලා කතා කරන්න ඒ පරණ අයත් එක්ක කියලත් මම කීව්ව; කේන්ති ගන්න එපා කියලත් මම ලියා ඇති මගේ නෝට් එකේ.
නිර්මාල් ගෙ සහතිකය සහ මගේ සහතිකය
අනුර දින්නනනෙ නූලෙන්, ලංකාවෙ ප්‍රථම වතාවට දෙවෙනි මනාපත් ගනන් කරල. ඉතිං එයා ජනාධිපති වුනාම, ජෙප්පො නොදා වෙන අයව ආණ්ඩුකාරයො හැටියට දැම්ම. ඒ විධායකයෙ අනිත් හස්තයනෙ එදා තිබ්බ. ඒකෙන් ලෝකෙට පෙන්නන්න හැදුවෙ ජවිපෙ අයව නෙමෙයි අපි තනතුරුවලත පත් කරන්නෙ කියල. තර්කය තේරෙනවනෙ. අනික කිසිම විරුද්ධ පාක්‍ෂිකයෙකුටවත් හිරිහැර කළේ නැහැ. ඒව ගැන මම පසු දිනක ලියන්නම්. මම කාපු බීපු බිලක්වත් විනාශ නොකරන, ඉතිහාසය ගැන ආදරේ කෙනෙක්. ඔය ඉතිහාස මාහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ගෙන් කවුදෝ අහල තිබ්බ ප්‍රශ්නයක්. "අනුර දින්නොත් විරුද්ධවාදීන්ට පහරදෙයිද කියල". නිර්මාල් කිව්ව "එයාට සහතික වෙන්න බැහැ," කියල. මම කිව්ව "මම සහතික වෙනව එහෙම වෙන්නෙ නැහැ," කියල. දැන් නම් මමත් එච්චරම ආදරයක් නැහැ ජාතික ජන බලවේගය කියන ප්‍රපංචයට. මට සමාවෙන්න.
පසු සටහන: මම ඔය මකල තියෙන්නෙ, සහ වෙනම ලියපු ටිල්විනුයි මායි ඉස්සරහ තියෙන ලියුම දැනට මහජනයට දැනගැනීමට අවශ්‍ය නැහැ. ඒව ගැන පරීක්‍ෂණ යනව. මම මේ කියන්නෙ ආණ්ඩුකාරයින් ගෙ ප්‍රශ්ණ එදා එදාම ටික ටික ලියා ඇත. ඒක තමා අර දෙකට තුනට නමල තියෙන කොලේ රතු ඉරක් ගහල තියෙන්නෙ. මගේ වෝල් එකේ ඒවා කියව ගන්න. ඒව වෙනවනෙ දැන්.

Uvindu Kurukulasuriya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
