නීත්‍යානුකූලව ඩොලර් එවා : ඉලෙට්‍රික් වාහන ආනයන පළමු බලපත්‍රයට හිමිකම් කියලා !

නීත්‍යානුකූලව ඩොලර් එවා : ඉලෙට්‍රික් වාහන ආනයන පළමු බලපත්‍රයට හිමිකම් කියලා !

විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට ඩොලර් එවීමේදී ලබා දෙන ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත්‍රය අද (20) දවසේ නිකුත් කර ඇත .

මෙම පළමු වාහනය ගෙන්වා ගත්තේ දැනට විදේශගත ව රැකියාව කරමින් සිටින ශ්‍රී ලාංකිකයකු විසිනි .

ඒ අනුව ඔහුගේ බලය ලත් මෙරට නියෝජිතයා වන දහම් පෙරේරා වෙත මේ බලපත්‍රය ප්‍රදානය කිරීම විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.

මෙම අවස්ථාවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ විමලවීර එක්ව ඇත .

අද වන විට විද්‍යුත් වාහන බලපත්‍ර සදහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින අතර විදෙස්ගත ශ්‍රමිකයන් බොහෝ දෙනකු අඛණ්ඩ ව මේ පිළිබද විමසීම් කරන බවත් මේ සම්බන්ධයෙන් වන තොරතුරු සහ අයදුම්පත්‍ර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැකියාව තිබෙන බවත් අමාත්‍යවරයා පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න