Language Switcher

V2025

ක්‍රීඩාවෙන් සිදු වූ අසාධාරණයන් ගැන කියන්න අවස්ථාවක්

තමන්ගේ ක්‍රීඩා සංගමය මගින් පත් කර ඇති තේරීම් කමිටුවෙන් තමාට යම් අසාධාරණයක් සිදු වෙනවානම් එම අසාධාරණය පිළිබදව දින 07 ක් ඇතුළත අමාත්‍යවරයා ලෙස තමා වෙත හෝ ජාතික ක්‍රීඩා සභාවට, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත එම අභියාචනය ඉදිරිපත් කළ හැකිබව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ  පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (04) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාතයාංශයේ දී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිළ වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

පත් කරන ලද නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව

01 ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  - සභාපති
02 අර්ජුන් රිශ්යා ප්‍රනාන්දු  - ලේකම්
03 දොස්තර මහියා ගුණසේකර  - සාමාජික
04 ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ - අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත්  - සාමාජික
05 සනත් ජයසූරිය  - සාමාජික
06 ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා  - සාමාජික
07 තිලකා ජිනදාස මිය - සාමාජිකා

6b297d1e 4e5e 4b32 8351 904a0f293844