තමන්ගේ ක්‍රීඩා සංගමය මගින් පත් කර ඇති තේරීම් කමිටුවෙන් තමාට යම් අසාධාරණයක් සිදු වෙනවානම් එම අසාධාරණය පිළිබදව දින 07 ක් ඇතුළත අමාත්‍යවරයා ලෙස තමා වෙත හෝ ජාතික ක්‍රීඩා සභාවට, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත එම අභියාචනය ඉදිරිපත් කළ හැකිබව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (04) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාතයාංශයේ දී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිළ වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
පත් කරන ලද නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව
01 ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා - සභාපති
02 අර්ජුන් රිශ්යා ප්‍රනාන්දු - ලේකම්
03 දොස්තර මහියා ගුණසේකර - සාමාජික
04 ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ - අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් - සාමාජික
05 සනත් ජයසූරිය - සාමාජික
06 ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා - සාමාජික
07 තිලකා ජිනදාස මිය - සාමාජිකා

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
