සිපෙට්කෝ’ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු ලෙස අය කළ බද්ද නැවත බැර කිරීම නිසා ඉන්ධන තොග ඇනවුම් කිරීම නැවත ආරම්භ කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න අද (4) පැවසීය.
ඉන්ධන පිරවුම්හල් තොග ඇනවුම් සඳහා ඊයේ (3) බැර කළ මුදල්වලින් බද්දක් සඳහා මුදල් කපාගැනීම නිසා ඊයේ දිනය සඳහා කර තිබූ ඇනවුම් අවලංගු කළ බවත් කපාගත් මුදල් අද පස්වරුව වන විට පිරවුම්හල්වල ගිණුම්වලට නැවත බැර කර තිබූ බවත් ඔහු පැවසීය .
ඉන්ධන තොග හෙට දිනයේ ලැබෙන පරිදි බෙදාහැරීමට සූදානමින් සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
