ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයකදී පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරනු ලැබීය.
කෙසේ වුවත් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට මීට පෙර එකඟතාව පළ කර තිබුණි.
එසේම පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 18 වැනි දා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
