විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කමිටු වාර්තාව තමා අතට ලැබුණ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
එය ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ එම යෝජනා නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්වන්නේ අගෝස්තු මස 5වන දාය.
එම කමිටුවට සාමාජිකයන් 08 දෙනෙකු ඇතුලත් විය.
පසුගිය මාස කීපය පුරා වරින්වර රැස්වී ඔවුන් තම වාර්තා සැකසීමේ කටයුතුවල නිරතවූ අතර සැප්තැම්බර් මස 8 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදි හිටපු විදුලිබල අමාත්‍යවරුන්ගේ සහ දේශපාලන පක්ෂ සාමාජිකයන් ගේ අදහස් ද ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
