Language Switcher

V2025

විදුලි බිල ඉහළ දැමුවා මදි : ෆිච් රේටිං කියයි !

ලංකා විදුලි බලමණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමුවද එය ආයතනයේ පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් නැති බව ජාත්‍යන්තර ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය නිකුත්කළ වාර්තාවක් පවසයි .

විදුලි ගාස්තු වැඩි කිරීම විදුලි ජනන පිරිවැය අනුව විදුලි බල මණ්ඩලයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නැති නමුත් එමගින් පාඩුව අවම කර ගැනීමට උපකාරී වනු ඇතැයිද ෆිච් රේටිං වාර්තාව පවසයි .

කෙසේ නමුත් විදුලි ජනන පිරිවැය පහත ගියොත් හෝ අඩු වියදම් සහිත පුනර්ජනනීය බලශක්ති වෙත හුවමාරු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නම් ඒ හරහා මණ්ඩලය බිඳ නොවැටී ආරක්ෂා වීමට උපකාරී වනු ඇතැයිද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.