Language Switcher

V2025

බැසිල් සඳුදා එනවා !

පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගිය ශ්‍රී ලංකා - ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ සඳුදා (21) යළි දිවයිනට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙසෙන්නේද ඇමරිකාවේ ය.

මාස එක හමාරක පමණ කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටි අතර, එම කාලය තුළ විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණ .

බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසුව,පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීයව දායක වීමට නියමිතව ඇති බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.