යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් චන්න විරසුරිය පත්කර තිබේ.
ඔහු ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ දක්ෂ නිධාරියෙකු වන අතර
ඔහුගේ සේවා කාලය වසර 36 කි.
1968 ක්වූ ජූලි මස 15 වන දින කොළඹ 7 මැකාති රෝහලේදී බෙන්සන් පැට්ට්‍රික් වීරසුරිය හා වීරකොන්ඩ ආරච්චි වයලා යන ආදරනීය දෙමව්පියන්ගේ දරුවා ලෙස උපත ලැබූ එතුමා සිප් සතර හැදෑරීම සදහා එවකට ප්‍රසිද්ධ පාසැලක් වන කොලඹ මහානාම විදුහල වෙත ඇතුලත් වුනි. මහානාමයේ මැවුම්කරු ලෙස අප සියලු දෙනාගේ ගරුත්වයට නිතැතින් පාත්‍ර වූ කේ එන් පී ද සිල්වා විදුහල්පති තුමන්ගේ සෙවනේ නිතැතින්ම හැදූවැඩුනු එතුමන් පාසලේ අතිදක්ශ කැපී පෙනෙන සිසුවෙකු ලෙස සිප් සතර හැදෑරීය. පලමු පෙල ක්‍රිකට් කන්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස කීර්තිමත් මහානාම ක්‍රීඩකයන් වන විපුල සිට්ටමිගේ, සුදේශ් වීරසිංහ, සුරේශ් එදිරිවීර හා ශශී ප්‍රභා පීරිස් සමග ඒ කාලයේදී සියලු ක්‍රිකට් සංග්‍රාමයන් හමුවේ මහානාම මාතාවට ජය ගෙන එන්නට එතුමා සමත් වූ බව පවසන්නේ අභිමානයෙනි. සිය පාසැල් දිවියේ අවසානයත් සමගම දේශය වෙනුවෙන් සිය පරම යුතුකම ඉටුකිරීමේ අදිටනින් 1986 ක්වූ ඔක්තෝම්බර් මස 27 වන දින යුද්ධ හමුදාව බැදී ඇත.
එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත්‍රවාදින්ගෙන් රට බේරා ගැනීම සඳහා ක්‍රියාන්විත රාජකාරී ඉටුකළ වීරසූරිය දෙස්, විදෙස් විශ්ව විද්‍යාල කිහිපකින්ම අධ්‍යාපනය ලැබූ අයෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
