චීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියැං සෙමින් ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කළේය.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත ඊයේ (02) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා එහි තබා ඇති ශෝක සටහන් පොතෙහි විශේෂ සටහනක් තබමින් අභාවප්‍රාප්ත චීනයේ හිටපු ජනාධිපතිවරයා පිළිබඳව සිය ශෝකය සනිටුහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ජියැං සෙමින් මහජන චීන සමූහාණ්ඩුව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ විශිෂ්ට නායකයෙක් බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
