ටිරාන් සහ විජේදාස පොලීසියට කරන්න යන්න වැඩේ මෙන්න !

ටිරාන් සහ විජේදාස පොලීසියට කරන්න යන්න වැඩේ මෙන්න !

දැනට පවතින පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගෙන එය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබදව සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂ ගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ( 23) පැවැත්විණි.



පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගැනීම සදහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටු තුනක් පත් කර ඇති අතර, එම කමිටු විසින් ලබා දෙන නිර්දේශ හා 2017 වසරේ දී පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම සදහා සකස් කළ කෙටුම්පත ද සැළකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතය.



පොලිස් ආඥා පනත සංශෝධනය කරන ලෙස 2010 වසරේ සිට විවිධ අවස්ථාවන්හිදී ඉල්ලීම් ඉදිරිපත්ව ඇති අතර මෙම පනත සංශෝධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද උපදෙස් ලබා දී තිබේ.

නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම්, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට යන නිලධාරීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න