රාජිත කඩේ යැවීමට එජාපයෙන් පදවියක් !

රාජිත කඩේ යැවීමට එජාපයෙන් පදවියක් !

දෙසැම්බර් 3 වන සතියේ දී රත්නපුරයේ දී පැවැත්වීමට නියමිත එජාප විශේෂ සම්මේලනයේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එජාප නියෝජ්‍ය නායකයකු ලෙස පත්කර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී එජාප ප්‍රධාන කථිකයකු ලෙස පත් කිරීමට නියමිත බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඕනෑම ගැටලූවක් පිළිබඳව කිසිදු පැකිලීමකින් තොරව කරුණු ඉදිරිපත් කිරීමට තරම් කථිකත්වය ඇත්තෙකු වීම ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එජාපයේ ප්‍රධාන කථිකයෙකු ලෙස පත් කිරීමට හේතුවක් වී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අයථා ක්‍රියා පිළිබඳව සහ එජාපයේ මැති ඇමැතිවරුන් පිරිසක් බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වීම ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එජාපයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස් එල්ල කළ හැකි ප්‍රධාන විවේචනයක් විය හැකි නිසා ඒ සඳහා සාර්ථකව පිළිතුරු දීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යොදා ගැනීමට එජාපය සැලසුම් කොට ඇති බව ද වාර්තා වේ.

(සත්හඬ )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න