නාමයෝජනා කැන්සල් : බදුල්ල වව්නියාවේ වාර්තාව සම කරලා !

නාමයෝජනා කැන්සල් : බදුල්ල වව්නියාවේ වාර්තාව සම කරලා !

බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් සඳහා නාමයෝජනා පත් 163 ක් ඉදිරිපත්වූ අතර ඉන් 11 ක් ප්‍රතික්ෂේප වූ බව බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි දමයන්ති පරණගම පැවැසුවාය.

පිළිගත් දේශපාලන පක්ෂ 8 ක සහ ස්වාධීන කණ්ඩායම් 3 ක නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වූ බවද ඇය සඳහන් කළාය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතික්ෂේප වූ නාම යොජනා මෙසේය.

හාලිඇල ප්‍රාදේශීය සභාව ( ලංකා කම්කරු කොන්ග්‍රසය) , ඌවපරණගම ප්‍රාදේශීය සභාව (එක්සත් මහජන පක්ෂය),ඇල්ල ප්‍රාදේශීය සභාව (ස්වාධින කණ්ඩායම ), හපුතලේ ප්‍රාදේශීය සභාව (ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ස්වාධීන කණ්ඩායමක් ), හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ( එක්සත් ජාතික පක්ෂය ,ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම ) ,, මහියංගනය ප්‍රාදේශීය සභාව ( එක්සත් ජාතික පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම)

බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයට මහා නගර සභා 2 ක් නගර සභා 1 ක් සහ ප්‍රාදේශීය සභා 15 ක් ඇතුලත්ය.

නාමයෝජනා බාරදුන්නේ කණ්ඩායම් 163 ක් වන නමුත් කණ්ඩායම් 184 ක් ඇප තැන්පත්කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න