Language Switcher

V2025

රවීගේ ප්‍රහාරය වැඩ කරයි : මහ බැංකුව පොළී අනුපාත ගැන කතා කරයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් අරමුදල් පහසුකම (Extended Fund Facility) ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහි නිලධාරීන් පවසන්නේ ඒ හරහා වෙළෙඳපොළ පුළුල් වීම සඳහා නැවතත් අවස්ථාව හිමිවනු ඇති බවය.

මහ බැංකුවේ නිලධාරීන් මේ බව සඳහන් කළේ, පොලී අනුපාත වැඩි කිරීම තුළ වෙළෙඳපොළ හැකිලීමේ අහිතකර බලපෑම් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහ බැංකු නිලධාරීන් සමග ඊයේ (23) පැවති සාකච්ඡාවකදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගතවීම සඳහා සිදුකළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබඳව මෙම කාරක සභාවේදී වැඩි වශයෙන් සාකච්ඡා වී තිබුණි.

සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවත් මහ බැංකුවේ නිලධාරීනී මෙහිදී කමිටුව හමුවේ පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබාදීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බවද එම කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා එහිදී පවසා සිටියේය.

මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහ බැංකු නිලධාරීන් පෙන්වා දුන්නේ 2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගතවීම සඳහා සිදුකළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබදව ද මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය.

සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවත් මහ බැංකුවේ නිලධාරීන් එහිදී පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා පවතින විකල්ප අවස්ථා පිළිබද කාරක සභාව විමසා සිටි අවස්ථාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සඳහා පළමුව මැදිහත්වීමෙන් තොරව, වෙනත් කිසිදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයක් ශ්‍රී ලංකාව සමග ණය කළමනාකරණය සම්බන්ධයෙන් හවුල්වීමට අකමැති බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමගින් ණය කළමනාකරණය ඇතුළු අනාගත ව්‍යාපාර අවස්ථා සඳහා නැවත වරක් මෙරට සමග හවුල්වීමට ජාත්‍යන්තරයට විශ්වසනීයත්වයක් ඇතිවන බවද ඔවුන් පවසයි.

රවීගේ ප්‍රහාරය වැඩකරයි !

මේ අතර මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක දිගින් දිගටම දැඩිව විවේචනය කර සිටියි.

පසුගිය 21 වනදා පැවති මාධ්‍ය හමුවකදීද ඔහු දැඩිව මේ සම්බන්ධව විවේචනය කළ අතර ඒ මෙසේය.

"රටේ පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණයි. ශ්‍රී ලංකා මහා බැංකුව ක්‍රියා කරන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි යන න්‍යායට අනුවයි. ඇඟිල්ලක් කපා ලෙඩා බේරා ගැනීමට හැකියාව තිබිය දී ලෙඩාගේ බෙල්ලම කපා දැමීම හරිද..? මීට මාස හයකට පෙර 12%ත් 17ත් අතර පැවැති බැංකු පොලී අනුපාතය අද 30% ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් මිනිස්සුන්ගේ වැටුප් ඊට සාපේක්ෂව වැඩි වී නැහැ. මේ තත්ත්වය මිනිස්සු දරා ගන්නේ කෙසේද..? මහා බැංකුවේ නිලධාරීන්ට මේ යථාර්ථය ගැන අවබෝධයක් ඇත්තේ නැහැ.

අහිංසක පවුල් ජීවත් වන්නේ කෙසේද..? ඊට උත්තරයක් අවශ්‍යයි. උද්ධමනය පාලනය කිරීම සඳහා යැයි කියමින් පොලී අනුපාත වැඩි නොකර අලුත් මාර්ග, උපාය සහ උපක්‍රම පවිච්ච් කළ හැකියි. මහා බැංකුව දිගින් දිගටම මේ ක්‍රමය අනුගමනය කළොත් රටේ ව්‍යාපාර සියල්ල වසා දමීට සිදු වේවි.

අලුත් ගමනක් අවශ්‍යයි. මේ ප්‍රශ්න විසඳන්න බැරි නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ එසේ කරන්න උමනාවක් නොමැතිකමයි. රජයේ නිලධාරීන්ට නිර්මාණශීලීත්වයක් ඇත්තේ නැහැ. ඒ අය අලුතින් හිතන්නේ නැහැ. රාජ්‍ය සේවකයින් ලක්ෂ 17ත් 18ත් අතර ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අදායමෙන් 84%ක් ඒ අයගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වැය වනවා. ඒ ගෙවීම් කළාට පසුව අතේ ඉතිරි වන බිලියන 350ත් 400ත් අතර මුදලකින් රට ගෙන යන්නේ කෙසේද..? විදේශ ණය රුපියල් ට්‍රිලියන එකක් ගෙවීමට තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500ක විතර පොලියක් ගෙවීමට තිබෙනවා. ණය ගෙවන්න තව තවත් ණය ගත්තොත් රට ඉදිරියට ගෙන යන්න බැහැ."