බෙල්ලන හිර කළ අයට වැඩ වරදින ලකුණු !

බෙල්ලන හිර කළ අයට වැඩ වරදින ලකුණු !

රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදයේ සභාපති සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනට විරෝධය දක්වමින් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය පසුගියදා ඔහුගේ නිළ කාර්යාලය වටලා පැය 5 ට ආසන්න කාලයක් සිරකරගෙන සිටීම සම්බන්ධයෙන් මරදාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සිද්ධිය සම්බන්ධ වු බවට හදුනාගෙන ඇති වෘත්තිය සමිත සාමාජිකයන් කිහිප දෙනකුගේ නම් අධිකරණය ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වෙයි .

මෙම සිද්ධියේ එම කාර්යාලයේ විදුරුවලට ද පහර දී අලාභ හානි සිදුකර ඇතිබවත්, ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්වරයාගෙ තක්සේරු වාර්තාවත් මේ දක්වා පොලිසියට ලැබී නොමැති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය නම් ඉදිරිපත් කළ සැකකරුවන් ඉදිරියේ අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න