පළාත් පාලන මැතිවරණයට තරග කරන ස්වාධීන කණ්ඩායම් රැසක් සන්ධානගතව පොදු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි දේශය පුවත්පත වාර්තා කර ඇත .
ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් නියෝජිතයින් කිහිපදෙනෙකු උපුටා දක්වමින් එම පුවත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවර ස්වාධීන කණ්ඩායම් ඉතා විශාල ගණනක් ඡන්ද සටනට ඉදිරිපත්ව ඇති බවය.
ඔවුන්ගෙන් බහුතරය මෙයට පෙර ප්‍රධාන දේශපාලන දහරාවේ පක්ෂවලට සම්බන්ධව සිටි අය බවත් එම නිසා ස්වාධීන අපේක්ෂක කණ්ඩායම්වල සම්මේලනයක් කැඳවා මේ අය තමන්ගේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ බවත් එහි සඳහන් ය.
කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ යෝජිත පළාත් පාලන මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කර ඇති බහුතරය පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
