මෙවර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 'ශ්‍රී ලංකාභිමාන්‍ය' සම්මානය හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරියට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත.
'ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය' මෙරටදී පිරිනෑමෙන ඉහලම සම්මානය වේ.
කරු ජයසූරිය විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස ඔහු වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
2023 පෙබරවාරි 03 වැනිදා ජනාධිපති මන්දිරයේ දී එම සම්මානය පිරිනැමීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වර්ෂයේ සිටම සිදුකර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
