Language Switcher

V2025

PUCSLට නව සාමාජිකයෙකු පත් කෙරේ

මහජන උපයෝගීතා කොමිසමට (PUCSL) නව සාමාජිකයෙකු ලෙස ඩග්ලස් නානායක්කාර  පත් කර තිබේ.

ඒ, ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිනි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ, නව පත්කිරීමත් සමග කොමිසමේ ඝන පූර්ණය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් මතු නොවන බව ය.

මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයන් ඉල්ලා අස් වූයේ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

ඉල්ලා අස්වීමට හේතු කිහිපයක් සඳහන් කරමින්, ඔවුන් සිය ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට යොමු කර තිබුණි.

මේ අතර, දෛනික විදුලිය කප්පාදුවට සිය අනුමැතිය මෙතෙක් ලබා දී නැතැයි, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක  පැවසීය.

කෙසේ වෙතත්, ඊයේ (03) සිට යළි විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණි.