Language Switcher

V2025

කච්චතිව් දූපතේ මංගල්‍යයට බැතිමතුන් 5,000කට අධික පිරිසක්

කොවිඩ් වසංගතයෙන් වසර 02කට පසු 5,500කට අධික බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යය අද (04) පැවැත්වුණි.

පසුගිය වසරේ 2022 කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මංගල්‍යයට සහභාගි වීමට අවසර ලබා දුන්නේ බැතිමතුන් 300 දෙනෙකුට පමණක් බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ ය.

එහි දෙවන දිනය වූ අද දිනයේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නාවික හමුදා නිලධාරීන්, ප්‍රභූන්, මාධ්‍යවේදීන් ඇතුළු 5,000කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගි වූහ.

කච්චතිව් ශාන්ත අන්නතෝනි දේවස්ථාන මංගල්‍යයේ මංගල දිව්‍ය පූජා යාගය අද පෙරවරු 6.30ට ආරම්භ විය.