හම්බන්තොට පිරිපදුවකට ආයෝජනය කරන්න සිනොපෙක් සූදානම් !

හම්බන්තොට පිරිපදුවකට ආයෝජනය කරන්න සිනොපෙක් සූදානම් !

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බවයි.

ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයට අනුගතව තම ආයතනය අයදුම් කර ඇති බව සදහන් කළ නියෝජිතයන් රජය විසින් හඳුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවට ද ජනාධිපතිවරයා දැනුවත් කළේය.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අභිලාෂ මත සිදු වන අදාළ කැඳවීම් සඳහා තම සමාගම ඉදිරිපත්වීමට සූදානමින් සිටින බව ද එම නියෝජිත පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු දැක්වූ සිනොපෙක් ආයතනයේ නියෝජිත පිරිස ඊට අදාළ යෝජනාවලිය ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගෙන යන වැඩසටහනෙන් පසුව ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක වන විදේශීය ව්‍යාපාර දිරිගැන්වීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ සිනොපෙක් සමූහයේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න