අගමැතිගෙන් මැතිවරණ කොමිසමට කැඳවීමක් !

 අගමැතිගෙන් මැතිවරණ කොමිසමට කැඳවීමක් !

මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිත ආකාරයෙන් කටයුතු කිරීම ගැන එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ළඟදීම කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි .

අගමැති මේ බව සඳහන් කර සිටියේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

මැතිවරණ කොමිසම අවසානයක් නැති ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙනවා. භාණ්ඩාගාර ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමත් කරුණු ඉදිරිපත් කළා. අපි ඒ අනුව ක්‍රියා ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නේ නැහැ. අධිකරණයට ගියේ අපි නොවේ. මැතිවරණ කොමිසම ඊයේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයත් අවසානයක් නැති ප්‍රකාශයක්. මා අමාත්‍යවරයා විදිහට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා.

කොමිසම අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන සාකච්ඡා කරනවා. කොමිසමට බලපෑමක් කරනවා කියලා සමහරු මේ සභාවේ කිව්වා.කොමිසමේ අය ඒවිද දන්නෙ නැහැ. කොහොම නමුත් මම කැඳවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන ආයතන නිල කාලය නීතිය අනුව 19 වැනිදා අවසන් වුණා. ඒ සභාවලින් ජනතාවට අවශ්‍ය සේවාව කරගෙන යනවා.

අධිකරණයට ගිහින් ප්‍රශ්න විසඳගන්න හැදුවේ ඔබතුමාලා. අධිකරණයට ගරු කරනවා. භාණ්ඩාගාරය විදිහට අපි පුළුවන් විදියට අධිකරණයට උත්තර බැඳලා තියනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න