අපේ කොන්දේසි වලට ණය දීපන් : මාලිමාව IMF යන හැටි සමන්ත කියයි !

අපේ කොන්දේසි වලට ණය දීපන් : මාලිමාව IMF යන හැටි සමන්ත කියයි !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නම් ගත යුත්තේ එම අරමුදල විසින් පනවන කොන්දේසි වලට එකගව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි .

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නම් තම ආණ්ඩුව විසින් පනවන කොන්දේසිවලට ණය දෙනවා නම් දීපන් කියා මූල්‍ය අරමුදල දැනුම්දෙන බවද හෙතෙම පැවසීය.

මුල්‍ය අරමුදල විසින් රටට අහිතකර කොන්දෙසි පනවන්නේ නම් ඊට එකඟ නැති බවත් පවසන ඔහු එම තත්වයන් යටතේ ණය දිය හැකි නම් ලබා දෙන ලෙසත් නැතිනම් එපා කියන බවත් ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන විදියට තම දරුවන්ගේ අනාගතය දණ ගැස්වීමට සූදානම් නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

හිටපු ජවිපෙ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ය.

මෙරට ඩොලර් හිගතාවයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පාලකයන්ගේ මිත්‍රයන් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් තමන්ගේ ඩොලර් විදේශ රට වල සඟවා ගැනීම බව ද ඔහු එහිදී පැවසීය .

එම ධනස්කන්ධයෙන් යම් ප්‍රමාණයක් හෝ මෙරටට ගෙන්වා ගත් පසුව මෙරට ඩොලර් හිගය යම් ප්‍රමාණයකට හෝ සමනය වනු ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න