Language Switcher

V2025

තෙල් වෘත්තීය සමිති උපවාස ගාය සනීපයි : කට වහගෙන හිටියට බැසිල්ටත් දොස් !

ඉන්ධන සැපයුම අද (30) දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග පවසයි.

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ යැයි පැවසුව ද සේවකයන් වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතව සිටින බවත් කොළොන්නාව තෙල් පර්යන්තයෙන් පමණක් අද දිනයේ බවුසර් දහසකට ආසන්න සංඛ්‍යාවක් පිටත්කර හැරි බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

රටපුරාම ඉන්ධන තොග බෙදාහැරීම නිසා ඊයේ දිනයේ කිසිඳු ස්ථානයක පෝලිම් හෝ ඉන්ධන හිඟයක් වාර්තා නොවූ බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සියලු පරිශ්‍රයන් ඊයේ දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

වාර්තා වන ආකාරයට වෘත්තිය සමිති එකමුතුව ලෙස වර්ජනයක් සහ උපවාසයක් අරඹමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කටයුතු අකර්මණ්‍ය කිරීමට උත්සාහ කළත් ඒ වෙනුවෙන් බහුතර සේවකයන් ප්‍රමාණයක් එකඟකර ගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති බවත් දැනගන්නට ඇත.

බැසිල්ටත් බැනුම් !

මේ අතර පොදුජන පෙරමුණට සම්බන්ධ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර පවසා සිටින්නේ ජාතික සම්පත් විකුණද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් කට වසාගෙන සිටීම වැරදි බවය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් විකිණීම නොවන බවද පැවසූ ඔහු කාංචන විජේසේකර මහතාගේ අත්තනෝමතික වැඩකටයුතු හමුවේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් කට වසා ගෙන නොසිටිය යුතු බවද කියා ඇත.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සමාගම් වල ගිණුම් තර කිරීම වැළැක්වීම එකම අරමුණින් සිදු කරන්නක් මිස ආණ්ඩුව ගෙදර යැවීමේ කුමන්ත්‍රණයක් මෙහි නැතැයි ද ඔහු කියා සිටියේය.

ඛනිජ තෙල් සංස්ථාව ජාතික සම්පතක් ලෙස හඳුන්වාදීමට අවස්ථාවාදී වෘත්තීය සමිති නායකයන් උත්සාහ කළද එය මිත්‍යාවක් බවට සමාජ මාධ්‍ය තුළ ද ප්‍රතිචාර දක්වෙමින් ඇත. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් පළවූ ප්‍රතිචාරයකි.

WhatsApp Image 2023 03 30 at 22.51.38