විශිෂ්ඨ රංගධර කලං අද අවසන් ගමන් යයි !

 විශිෂ්ඨ රංගධර කලං අද අවසන් ගමන් යයි !

අභාවප්‍රාප්ත විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතව ඇත.



පසුගිය අප්‍රේල් 1 වනදා උදෑසන ජාඇළ පිහිටි නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්තවූ අතර  මහජන ගෞරව සඳහා දේහය බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

 
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේ සිදුකිරීමට නියමිතය.

1940 වසරේ සැප්තැම්බර් මස 20 වන දා උපත ලැබූ අමරසිරි කලංසූරිය මහතා මිය යන විට 82වන වියේ පසුවුණි.

1969 වසරේ රැයත් දවාලත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා හන්තානේ කතාව, අපේක්ෂා, අක්කර පහ, අහස් ගව්ව, බඹරු ඇවිත්, සාගරයක් මැද, පොඩි විජේ, යස ඉසුරු ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න