පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් බවත්, ඉතිරි 20% මේ මාසය අවසන් වීමට පෙර බෙදා නිමකිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර , නැගෙනහිර , මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදා දී තිබෙන අතර දෙවන අදියරේ නිල ඇදුම් රෙදි සෙසු පළාත් 05 ආවරණය වන පරිදි බෙදා දීමට නියමිතව ඇත.
ඒ අනුව, පාසල් ළමුන් ලක්ෂ 41 කට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් රෙදි බෙදා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
