විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකයන් කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබේ.
පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (09) මෙම දිවුරුම්දීම සිදුව ඇත.
විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපතිවරයා නිල බලයෙන් පත්වන අතර ඒ අනුව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න එම තනතුරේ දිව්රුම් දී ඇත.
එයට අමතරව කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ. එම්. ධර්මජිත් නයනකාන්ත දිවුරුම් දී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
