දුම්රිය සේවයේ අලාභය මිලියන 6773යි

දුම්රිය සේවයේ අලාභය මිලියන 6773යි

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ 2016 වර්ෂයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 6773ක් බව තොරතුරු වාර්තා වේ. එහිදී 2015 වර්ෂයට සාපේක්ෂව රුපියල් මිලියන 940ක වැඩි වීමක් සිදුව ඇත.

2016 වර්ෂයේ මෙහෙයුම් ආදායම මිලියන 6623ක් වන අතර මෙහෙයුම් වියදම රුපියල් මිලියන 13396කි.

2015 වර්ෂයේ දී සැලසුම් කරන ලද මගී දුම්රිය සංඛ්‍යාවෙන් සියයට 97.35ක් ධාවන යොදවා ඇති අතර 2016 දී එය සියයට 97.81ක් දක්වා වර්ධනය වී ඇත.

ඒ අනුව 2015 දී මගීන් මිලියන 133.29ක ප්‍රවාහනය කර ඇති අතර 2016 දී එම සීමාව ඉක්මවා මගීන් මිලියන 2.76ක් ප්‍රවාහනය කර තිබේ.

කෙසේ වෙතත් 2016 දී ප්‍රවේශ පත්‍ර නොමැතිව මගීන් 13267ක් ගමන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න