ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ.
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස ඩබ්ලිව්. සුධර්මා කරුණාරත්න මහත්මිය පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී.ඒ. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු, ඒ.ජි. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරු පත් කර සිටිති.
මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ සුමිත් අබේසිංහ මහතායි. තුආන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් සෙසු සාමාජිකයෝ වෙති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
