Image

නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘ දිවි සැරිය නිම කරයි

නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘ දිවි සැරිය නිම කරයි

නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස සලකන හිටපු එමීර්වරයෙකු ද වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි අභාවප්ප්‍රාප්ත වී ඇත.

මියයන විට ඔහු 74 වන වියෙහි පසුවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔහුගේ අභාවය පදනම් කරගනිමින් කටාර් රාජ්‍යයේ උත්තරීතර රාජ්‍ය ආයතනය වන 'අමිරි දිවාන්' ආයතනය විසින් එරට සිව්දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි 1995 සිට 2013 දක්වා කටාර් රාජ්‍යයේ එමීර්වරයා ලෙස කටයුතු කළ අතර ඔහුගේ පාලන කාලය තුළ කටාර් රාජ්‍යය ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික සහ මාධ්‍ය බලවතෙකු බවට පත් කිරීමට ඔහු සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේ ය.

ප්‍රකට 'Al Jazeera' මාධ්‍ය ජාලය ආරම්භ කිරීම මෙන්ම රටේ ස්වාභාවික වායු කර්මාන්තය දියුණු කර කටාර් රාජ්‍යය ලොව ධනවත්ම රටක් බවට පත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ද ඔහුට ය. ඔහු, 2013 වසරේ දී ස්වේච්ඡාවෙන් ම සිය පුත් සහ වත්මන් එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි වෙත බලය පවරා දී තිබෙන්නේ කලාපීය සම්ප්‍රදායන්ගෙන් බැහැර වෙමිනි.

ඔහුගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් සිය කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කරමින් සිටින බව ද වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න