වෙනිසියුලාවට බලපෑ භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 4300 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මස 24 වනදා රිච්ටර් පරිමාණ ඒකක 7.2ක හා 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පන දෙකකින් වෙනිසියුලාවට දැඩි බලපෑම් එල්ල විය. භූ කම්පන හේතුවෙන් දැනට සිදුව ඇති සමස්ත ජීවිත හානිය 4333 බව එරට ජාතික සභාවේ සභාපති ජෝර්ජ් රොඩ්‍රිගස් සඳහන් කර ඇත. මේ අතර කැරකස් සහ වෙරළබඩ ප්‍රාන්තයක් වන ලාගුයිරා හි උස් මහල් නිවාස සංකීර්ණ සියල්ලක් ම සුන්බුන් බවට පත්ව ඇති බව ද වාර්තා වේ.
නිවාස අහිමි වු පවුල් සදහා ක්‍රීඩාංගන හා ප්‍රජා මධ්‍යස්ථානයන් හි කඳවුරු ඉදිකර ඇති බවත්, 19,000කට අධික පිරිසක් එම කඳවුරුවල ජීවත් වන බවත් බලධාරීන් සඳහන් කර ඇත. එමෙන් ම ජගත් සංවිධානය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ 50,000ක පමණ පිරිසක් තවමත් අතුරුදන් බව යි. මූලික ඇස්තමේන්තුවලට අනුව නව නිවාස 25,000ක් පමණ ඉදිකිරීමට සිදුවනු ඇති බව ද වාර්තා වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
