පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇති අතර 'ලංකාදීප' වාර්තා කර ඇත්තේ නැගෙනහිර, උතුර හා සබරගමුව පළාත්වල ආණ්ඩුකාරවරුන්ට එසේ ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවය.
අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.
ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
එහෙත් වත්මන් ජනාධිපති වික්‍රමසිංහ පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.
අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු සිදු කිරිමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
