සිවිල් වැසියන් විසින් උද්ඝෝෂණවල නිරතවීමේදී රාජ්‍ය හා නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටින් පිළිබඳව නිර්දේශ ඇතුළත් මාර්ගෝපදේශනයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් නිකුත්කර ඇත.
නීති විශාරදයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, නීතිය බලාත්මක කරනු ලබන නිලධාරීන් ඇතුළු විවිධ පිරිස්වල අදහස් විමසමින් මෙම මාර්ගෝපදේශනය සකස් කර ඇත.
අදාළ මාර්ගෝපදේශනය තවදුරටත් පුළුල් ලෙස සකස් කිරීම සඳහා මහජන අදහස් විමසීමට ද කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, මීට අදාළ අදහස් හා යෝජනා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා එකකින් ලියා ජූනි මස 9 වන දිනට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ
සියලු ම යෝජනා වචන 1,500ට සීමා විය යුතු අතර සිංහල බසින් යොමු කරන යෝජනා හා අදහස් “lskoola Pota” අකුරුවලින් ද, දෙමළ බසින් යෝජනා “Latha” අකුරුවලින් ද ඉංග්‍රීසි බසින් යෝජනා “Times New Roman” යන අකුරුවලින් දඩ යොමු කළ යුතු බව එම කොමිෂන් සභාව සිය නිවේදනයක් මගින් පෙන්වා දී තිබේ.
නිර්දේශිත මාර්ගෝපදේශ https://www.hrcsl.lk/hrcsl-issues-recommended-guidelines-on-dealing-with-civilian-protests/ යන වෙබ් ලිපිනය ඔස්සේ බාගත කරගත හැකි බව ද එම කොමිෂන් සභාව යොමුකර තිබෙන නිවේදනයේ සඳහන් ය.